ට්‍රම්ප්ගේ රෙදි ගැලවූ Huawei වික්‍රමය

🙏ලැබුවා වූ 2020 නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...!!!🙏

               ආයුබෝවන්!🙏 මේ Yaka Likes Blog අඩවියේ පලකරන 3වන ✍️ ලිපියයි.අද කතා කරන්නෙ 2019 වර්ෂයේ ජංගම දුරකථන 📱 වෙළඳපොල තුල පෙරළියක් ඇති කිරීමට සමත් වූ සමාගමක් ගැනයි.

               ඔබට මතක ඇති Huawei Technologies Co.Ltd ආයතනය වෙත 2019 වර්ෂයේ චෝදනා කීපයක් එල්ල වුනා.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Huawei උපාංග ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් Huawei සමාගම Blacklist 🚫එකට ඇතුළත් කෙරුනා.ඒවගේම මෙතෙක් Huawei Smart Phone තුළ භාවිතා වූ Android OS එක පිළිබඳවත් ගැටලු ඇතිවුණා.ඒ Huawei සමාගමට ඇමරිකාවත් සමඟ ව්‍යාපාර සිදුකිරීමට සම්බාධක පැනවීමත් සමඟයි.

               කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ Huawei සමාගම ඔවුන්ගේ නවතම උපාංග පෙළ වෙළෙඳපොළට නිකුත් කෙරුණා.ඒ අතර විශේෂ තැනක් හිමි වූයේ Huawei Mate 30 Smart ජංගම දුරකථනයට යි.ඒ එහි Google Apps කිසිවක් අඩංගු නොකර මෙම ජංගම දුරකථනය එලිදක්වා තිබීමයි.

               ඇමරිකාවෙන් එල්ලවූ බාධා ජයගෙන 2019 වසරේ ලොව වැඩිම විකිණීමක් සහිත වෙළෙඳ නාම අතර 2 වැනි තැනට පත්වීමට Huawei සමාගමට 🏁 හැකියාව ලැබී තියෙනවා.counterpointresearch.com web අඩවියට අනුව 2018 වසරේ Smart ජංගම දුරකථන වෙළෙඳපොළේ 2 වැනි තැන හිමිව තිබූ Apple සමාගම අබිබවා 2019 වසරේ 2වැනි තැන හිමි කරගැනීමට Huawei සමාගම සමත්ව තියෙනවා.2019 වසරේ Huawei සමාගම 2වැනි වන්නේ තවත් සුප්‍රකට වෙළෙඳ නාමයක් වන Samsung සමාගමට පමණි.


               2019 වසරේ Huawei සමාගම අලවි කර ඇති ජංගම දුරකථන ඒකක ප්‍රමාණය මිලියන 251 කි.එය සමස්ථ ජංගම දුරකථන වෙළෙඳපොළෙන් 17.7% කි.ඒවගේම ජංගම දුරකථන වෙළෙඳපොළේ අංක එකේ වෙළෙඳ නාමය වන Samsung සමාගම 2019 ජංගම අලවිකර ඇති ජංගම දුරකථන ඒකක ප්‍රමාණය මිලියන 323 කි.එනම් එය වෙළෙඳපොළ හිමිකාරිත්වයෙන් 21.2%කි.එසේම Apple සමාගම 2019 වසරේ ජංගම දුරකථන වෙළෙඳපොළේ 3 වන තැනට පත්ව ඇත්තේ iphone ඒකක මිලියන 193ක් අලවි කරමිනි.එය සමස්ථ ජංගම දුරකථන වෙළෙඳපොළ හිමිකාරිත්වයෙන් 13.6%කි.


               ඇමරිකාව එල්ල කල අභියෝග හමුවේ නොසැලී සිටීමට Huawei සමාගම සමත්වීම Huawei සමාගම මෙන්ම Huawei පාරිභෝගිකයන්ද ලද ජයග්‍රහණයකි.

               ඒවගේම Huawei සමාගම ඔවුන්ගේම Operating System එකක් එලිදැක්වීමට සූදානම් වන බව ඔවුන්ගේ web අඩවියේ සදහන් කර තිබෙනවා.එම Operating System එක Harmony OS ලෙස නම් කර තිබෙනවා.2020 වසරේදී Android OS එකට වඩා කාර්යක්ෂම හා ආකර්ෂණීය ලෙස මෙම Harmony OS එක වෙළෙඳපොළ වෙත නිකුත්කරන බවද Huawei සමාගම පවසනවා.තවද Harmony OS එක සමඟ Huawei සමාගමටම අයත් සේවාවන් රාශියක්ද එලිදැක්වන බවද සඳහන් වෙනවා.



                  මේ ආකාරයෙන් Huawei සමාගම ඉදිරියට පැමිණීම නිසා අනෙක් සමාගම්ද ඔවුන්ගේ පාරිභෝගිකයන් රඳවා තබා ගැනීමට විවිධ නව තාක්ෂණයන් එලිදැක්වීමට උනන්දු වීම නිසා ඉදිරියේදී පාරිභෝගික ජනතාවට වඩා ගුණාත්මක උපකරණ මිලදී ගැනීමට හැකිවනු ඇත.

               මේ ලිපිය ගැන අදහස් පහළ 👇 Comment Section එකේ සඳහන් කරන්න.ඒවගේම Blog එකේ උඩම 👆 තියෙන Subscribe Tab එක Click කරල අපි අලුත් ලිපියක් දාපුගමන් දැන ගන්නත් පුලුවන්.අමතක නොකර Yaka Likes Facebook Page එකට එකතු වෙන්නත් අමතක කරන්න එපා.👍

               


              එහෙනම් ඊලඟ ලිපියෙන් ✍️ හමුවන තුරු සුභ දවසක් ...!!!🙏

Comments

Popular posts from this blog