ලොවම 🌎 කණපිට පෙරලන Quantum Computing
ආයුබෝවන් 🙏 මේ තමයි Yaka Likes Blog අඩවියේ පලකරන 2වන ලිපිය.අද කතාකරන්න යන්නෙ දැන් මාස කීපයකට කලින් ගොඩ දෙනෙක් අතර කතාබහට ලක්වෙන Quantum Computing කියන Concept එක ගැනයි.
දීර්ඝ කාලයක ඉඳලා Quantum Computing ගැන පරීක්ෂණ පැවැත්වීමට ලොව 🌎 ප්‍රසිද්ධ පෙලේ විශ්ව විද්‍යාල මෙන්ම Google , Intel හා IBM වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ආයතන කීපයක් ද කටයුතු කලා.
මෙසේ Quantum Computing කියන මාතෘකාව දිගු කාලයකට පසු කරලියට පැමිණීමට හේතු වූයේ පසුගිය සැප්තැම්බර් 27 (27.09.2019) වන දින Google සමාගම සිදුකල නිවේදනයක්.
ඒ නිවේදනයෙ සඳහන්වෙන විදිහට ඉහත කඩයිම අනෙක් සියලු සමාගම්වලට ප්‍රථම Google සමාගම ජයගත් බවයි.🏆
Google සමාගම මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ 21 වන සංවත්සරය යෙදී තිබූ දිනයේදී වීම විශේෂත්වයක්.

Google සමාගම මේ නිවේදනයේ සඳහන් කරන විදිහට දැනට භාවිතයේ පවතින ඉහළම පෙලේ සුපිරි පරිගණකයට විසඳීමට වසර 10,000ක් පමණ ගතවන ගැටලුවක් Google සමාගම නිපදවූ Quantum Processer එක විනාඩි 3යි තත්පර 20 කින් ඒ කියන්නෙ තත්පර 200කින් විසඳා ඇතිබව සඳහන් වෙනවා.
මෙම ගණනය කිරීම් සිදුකිරීමට යොදාගෙන ඇති Processer එක නම් කර ඇත්තේ "සිකමෝ (Sycamora)" ලෙසයි.ඉහත ගැටලුව විසඳීමට සිකමෝ Processer එකේ ක්‍රියාත්මක වී ඇත්තේ එය සතු Qbits 54න් 53ක් පමණක් වීමද විශේෂත්වයක්.
Quantum computer එකක දී parallel processing, එහෙමත් නැතිනම් එකම අවස්ථාවක දී ගණනය කිරීම් විශාල සංඛ්‍යාවක් සිදු කළ හැකි වෙනවා. මෙතෙක් කල් සාමාන්‍ය පරිගණකයක දී සිදුවූයේ එකක් පිටුපස එකක්, එහෙමත් නැතිනම් serial processing ලෙස ගණනය කිරීම් සිදු කිරීම යි.
විශේෂයෙන්ම කිවයුතු කාරණයක් තමයි "ක්වන්ටම් සුප්‍රිමසි" නම් වූ Google සමාගමේ Quantum පරිගණකය ගැන පළවන ආන්දෝලනාත්මක අදහස්.
උදාහරණයක් විදිහට Google සමාගමේ ගණනය කිරීම් නිවැරදි නොවන බවට IBM සමාගම චෝදනා කරනවා.සාමාන්‍ය සුපිරි පරිගණකයට ඉහත ගණනය කිරීම සිදුකිරීමට වසර 10,000ක් නොව දින 2.5ක් පමණක් ප්‍රමාණවත් බව IBM සමාගම පවසනවා.මේ නිසා Google සමාගමේ Quantum පරිගණකය පිළිබඳ දැඩි කතාබහට ලක්වෙනවා.
කෙසේවෙතත් වාර්තාවන තොරතුරුවලට අනුව Google සමාගම මේවන විටත් ප්‍රායෝගිකව භාවිතා කල හැකි මට්ටමේ Chip එකක් විදිහට මෙය නිශ්පාදනය කර තිබීම නිසා Google සමාගම අනෙක් සමාගම් පරදා ජයග්‍රහණය වෙත ගමන් කරන බව සනාථ කල හැකිය.
එහෙනම් මේ විදිහට Yaka Likes Blog අඩවියේ 2වන ලිපියත් ✍️ අවසන් කරනවා.
- දැන්ම Yaka Likes Blog අඩවිය Subscribe👏 කරන්නත් අමතක කරන්න එපා.
- එතකොට මම Post එකක් දාපු ගමන් ඔයාට e-mail එකක් එයි.
- මේ Link එකෙන් ගිහින් Yaka Likes Facebook Page එකට Like 👍 කරන්නත් අමතක කරන්න එපා.👇
ඊලඟ ලිපියෙන් ✍️ හමුවන තුරු සුභ දවසක්...!👋🤟
Comments
Post a Comment